Friday, April 6, 2012

වයසට යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් ලියමි

වයසට යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් ලියමි


ඊයේ දින වැඩ කටයුතු නිමා කොට පුරුදු පරිදි නින්දට පෙර ෆේස් බුක් ලොග් වුනෙමි. ඒ වන විට වේලාව රාත්‍රී 11.59 පමණ විය. අළුතින් ලැබුනු වෝල් පොස්ට් එකකි. එය දමා තිබුනේ මා මිතුරියකි. එය අදට යෙදෙන මාගේ විසි දෙවන උපන්දිනයට එක්කල පලමු සුභ පැතුමයි. උපන් දිනය ලග ලග එන බව දින කිහිපයක සිට මතකයේ තිබුනත් එය අමතක කිරීමට මා උත්සහ ගතිමි. මෙවර අප්‍රේල් මාසය ඒ තරම්ම ප්‍රබෝධමත් බවක් හැගෙන්නේ නැත. ඒ වැඩ කටයුතු අධික නිසා වන්නට ඇත. නිවාඩුවට මට තවම ගෙදර යන්නට අවස්ථාවක් නොලැබුනු බැවින් පසුගිය අවුරුදු වල මෙන් අම්මාත් තාත්තාත් සමග ගෙදරදී උපන්දිනය ගතකරන්නට අද ඉඩ ලැබෙන්නේ නැත. මා මතක ඇති කලෙක උපන්දිනය සමරා නැත. සැමරුවේ නම් ඒ මා ප්‍රිය මිතුරන් කහිප දෙනෙකුට හෝ නෑදෑයින් කිහිප දෙනෙකුට සංග්‍රහ කිරීමෙනි. අද දින වෙනදා මෙන් උදේ පාන්දර 10 පමණ වන තෙක් සුවසේ නිදා ගන්නට ඉඩ ලැබුනේ නැත ජංගම දුරනථනය මා අවදි කලේ මහ පාන්දර 7ට  පමණය. මා හිත මිත්‍ර කට්ටා මා ඇමතුවේය. හෙතම මාගේ උපන් දිනයට සුභ පතනු මතකය. නැවත නින්දට වැටුනු මට වැඩි වේලාවක් සැතපෙන්නට නොහැකි විය. දිගින් දිගටම දුරකථනය ඔස්සේ සුභ පැතුම් ගලා එන්නට විය.  පසුගිය වසර කිහිපයක සිට මා මිත්‍ර කට්ටා සහ සමලයා ද කැටුව ගාලු මුවදොර අභියස උපන්දිනය ගතකලෙමු. අද එයත් නැත. හිතට දැනේන්නේ පාළුව මිශ්‍ර කම්මැලි කම සහිත මොකද්දෝ අමුතු එකකි..  එය මකා ලනු පිණිස ෆේස් බුක් එකට ලොග් උනෙමි. ඊයේ මා හිත මිතුරියකගෙන් ලද පලමු උපන්දින සුභ පැතුමෙන් ද මා හිත මිත්‍ර කට්ටාගෙන් ලද ප්‍රථම දුරකථන සුභ පැතුමෙන්ද පසු පසු සුභ පැතුම් ගලා එන්නට විය. ඒවාට රිප්ලයි කිරීම නිසා කම්මැලි කම මැකී යන්නට විය. මේ වන විට වෝල් පෝස්ට් 150 කට පමණ මා විසින් රිප්ලයි කලෙමි. මේ මා ලද විශාලම ශුභ පැතුම් සංඛ්‍යාව වන්නට ඇත. හිතේ මෙතෙක් පැවති මොකක්ද්දෝ අමුතු ගතිය දැන් සමුපූර්ණයෙන්ම පහව ගොසිනි. එය බොහෝකල් සුව නොවී පැවතුනු රෝගයක් එක් මොහොතකින් සුව වීමක් වැනිය. එය මා මෙතෙක් ලද හොදම උපන් දින තෑග්ග යැයි මට සිතේ. එයින් ලද පන්නරයෙන් වල් වැදී තිබූ කම්මල යලි එළි පෙහෙළි කර වැඩ ඇරඹීමට අදිටන් කර ගතිමි. ප්‍රථම ෆේස් බුක් උපන්දින සුභ පැතුම එක්කල ඉමල්කා මිතුරියගේ සිට අද දින අවසන් ෆේස් බුක් සුභ පැතුම එක්කල “කුරුවිට“ මා මිතුරා ඇතුලු පිරිසටත් පලමු දුරකථන සුභ පැතුම එක්කල “කට්ටා“ ගේ සිට අද දින අවසන් සුභ පැතුම එක්කල “දූරයා“ ඇතුලු පිරිසටත් පෙරලා සංග්‍රහ කිරීමට “ස්තූතියි“ යන වචනය ප්‍රමානවත්වේ යැයි විශ්වාස නොකරමි.  බෙහෙවින්ම ස්තූතියි. ඔබ සැමට ශුභ අනාගතයක් පතමි.

No comments:

Post a Comment