මා හිත මිත්‍ර ‘කට්ටා‘ ගේ ඉල්ලීම පරිදි කුමක් හෝ ලිවීමේ අටියෙන් ලැප්ටොප් යන්ත්‍රය පනගැන්වීමි. ලිවීම ඈත අතීතයේ ගල් යුගයේ පටන් පැවත එන්නකි. ගල් වලින් ඇරඹි එය වැලි පිල්ල, කැටපත් පවුර, පුස්කොල පොත, කඩදාසියේ සිට බස් රථයේ හෝ දුම්රියේ ආසන හෝ බිත්ති දක්වා ද ඇතැම් වැසිකිලි වල බිත්ති පුරාවටද විකාශය වී ඇත්තේය. මම ලිවීමට ‘අතේ ගෙනයාහැකි පරිගණකය‘ භාවිත කරමි. මන්ද මම කඩදාසියෙහි ලියන දෑ මා හට වත් නැවත කියවීමට අපහසු නිසාවෙනි. ලිවීම යනු මිනිසාගේ චිත්ත කම්මල විසින් නිෂ්පාදනය කරන්නා වූ සිතුවිලි වල අග්‍ර ඵලයකි. මෙලොව ජීවත් වන සියළු මනුශ්‍යයන් මොනයම් හෝ මානසික රෝගයකින් පෙලෙන බව කවුදෝ පවසා ඇති බව බොහෝ කලක සිට අසා ඇත්තෙමි. ‘සහතික ඇත්ත‘. මමත් අමුතුම ජාතියේ උන්මත්තකයෙකු බව මටම පසක්වී තිබේ. එහෙත් මම ‘වම් මොල කාරයෙකු‘ හෝ ‘දකුණු මොල කාරයෙකු‘ දැයි තවම නිච්චියක් නැත. තවමත් කුමක් ගැන ලියම් දැයි හරිහැටි අදහසක් මා සතුව නැත. ලියන්නට නම් දෑ බොහෝය. කාලය නම් අල්පය. කෙසේ නමුත් ඉදිරියේදී ‘ලිවීමට‘ අවතීර්ණ වීමට කැමැත්තෙමි. අදට මම නවතිමි.
මාගේ මේ මනෝ විකාරය කියවීමට වටිනා කාලය මිඩංගු කල ඔබගෙන් සමාව අයදිමි. මම ඉදිරියේදී හරවත් යමක් ලිවීමට හැකිතාක් උත්සහා ගනිමි.
මහා ලේඛකයෙකුද නොවන එසේ වීමට අදහසක් නොමැති සාහිත්‍ය පිලිබද එතරම් දැනීමක් ද නොමැති මා චතුර මධුසංඛ ...